මරණයෙන් මතු කුමක් වේද?
මෑතකදී මට
පුංචි පොතක් කියවන්නට ලැබිණි. එය ලියා තිබුනේ මගේ මිතුරු කුරුණෑගල සැම්සන් ගුණතිලක
විසිනි.
සැම්සන් විශ්‍රාමික විද්‍යා ගුරුවරයෙකු වන අතර
දැනට විද්‍යා ලේඛකයෙකු ලෙස කටයුතු කරයි. ඔහුත්, මා වැනිම නිවහල් චින්තකයෙකි. ඔහු, මගේ ජීවන තොරතුරු
සහ මා ලියු තෝරාගත් ලිපි එකතු කර ‘නිවහල් චින්තකයෙක් ඔබ අමතයි’ නමින් සිංහල පොතක්
සම්පාදනය කර තිබේ.
ඔහු ‘නිවහල් චින්තක ළමා සාහිත්‍ය කවයේ’ සාමාජිකයෙකි.
එම කවය පිහිටුවනු ලැබුවේ දරුවන්, භක්තිය සහ විශ්වාසය වෙනුවට සාක්ෂි සහ දත්ත මත හේතු යුක්ත ලෙස
නිවහල්ව සිතීමට උනන්දුකරලීම සඳහාය. දැනට එවැනි පොත් හයක් ලියවී ඇත.
විමසුමට ලක් කරන මෙම පුංචි පොතෙන්, සැම්සන් ‘මරණින් මතු කුමක් වේද?’ යන ආන්දෝලනාත්මක
ප්‍රශ්නයට විද්‍යාත්මක සහ ඓතිහාසික පිළිතුරක් ලබා දීමේ අභියෝගය භාරගනී.
අපට බලෙන් පිළිගන්වා ඇති විවිධ ආගමික මෙන්ම දාර්ශනික
පැහැදිළි කිරීම් ගැන අපි හොඳින් දනිමු. කෙටියෙන් කියනවා නම් මිනිසා යනු සදාකාලික
සහ එහෙයින් මරණින් පසු දිගටම පවතින ආත්මයක් ඇතුළු කල, විශේෂ මැවිල්ලක්
ලෙස ආගම් විසින් හඳුන්වාදෙති. තවද, සමහර දර්ශන විසින් මිනිසා සහ සත්ව
රාජධානියේ අනෙකුත් සතුන් ඒකාබද්ධ කර, සියලු සතුන්ට මරණින් පසු උපතක් ඇතැයි
කියති. එය නැවත ඉපදීම, පුනරුත්පත්තිය හෝ පුනර්භවය වැන්නකි.
එසේ වුවද, ඉහත අදහස, වෘක්ෂලතා සමඟද ඒකාබද්ධ
කර, සියලු ජීවීන්ට අදාළ කිරීමට ඔවුන්ගෙන් කිසිවෙක් කැමැත්තක්
නොදක්වති.
එම විශ්වාසයන් සහ දර්ශන ඇතිවූ යුගයේ තිබු අඩු
දැනුමත්, එකල අපේ ග්‍රහ
ලෝකයේ ජීවින් පරිණාමයවූ අන්දම ගැන කිසිවක් නොදැන සිටීමත්, එයට හේතුවූ බව
සැම්සන් කෙටියෙන් පෙන්වා දෙයි. තවද, ජීවයේ
ආරම්භය සත්වයින්ට සහ ශාකවලට, එනම් සියලු ජීවින්ට පොදුය. ඇත්තෙන්ම, අපට
තේරුම්යන ‘ජීවය’ යන්න මුලින්ම ආරම්භ වුයේ බැක්ටීරියා ලෙසිනි. ඉන්පසු එයින්
වෘක්ෂලතා පරිණාමයවූ අතර, ඉන් සත්වයන්ද අවසාන වශයෙන් මිනිසාද පරිණාමය විය. එමනිසා
වෘක්ෂලතා සහ සත්වයන් යන අපි සියලු දෙනාම නෑදෑයෝ වෙමු, දුර
ඥාතීන් වෙමු. අප කිසිවකුට මරණින් පසු ජීවය පවත්වා ගැනීමේ හැකියාවක් නැත.
සත්‍යයක් ලෙස කියනු ලබන දේවල්, සාධක සහ දත්ත
මගින් තහවුරු කලයුතු බව මේ පොතේ ඉතා පැහැදිළි ලෙස දක්වා ඇති අතර, එය නිවහල් චින්තක
විද්‍යා ලේඛකයෙකුගෙන් බලාපොරොත්තු විය යුත්තකි.
පොතේ අනිවාර්යයෙන් භාවිත කිරීමට සිදුවී ඇති
පාරිභාෂික පදමාලාව නිසා එය විද්‍යාත්මක වචන පිලිබඳව යම් අවබෝධයක් ඇති තරුණ පිරිසට
සහ සමහරවිට වැඩිහිටියන්ට පහසුවෙන් තේරුම්ගත හැකිය. එසේ වුවද එය කියවා බලන ලෙස මම
සියලු දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටිමි.
පොත ඉංග්‍රීසි බසට සහ දෙමළ බසට පරිවර්තනය කිරීමද හොඳ
අදහසකි.
හොඳින් ඉටුකළ කාර්යයක් වෙනුවෙන් සැම්සන්ට මගේ ප්‍රණාමය!
රන්ජන් ප්‍රනාන්දු
2021 ජුනි 08
පරිවර්තනය : සැම්සන් ගුණතිලක

Post a Comment