මුහුණුආවරණය
ගිණිතියමින් විරෝධය පාන ඉරාණ
කතුන්!
22 හැවිරිදි මාෂා අම්නී නම් කාන්තාව
ටෙහෙරාන් උමං මාර්ගයෙන් මතු වූ අතර, ඇගේ අඳුරු හිසකෙස් කළු හිස් ස්කාෆ්
එකකින් ආවරණය වී තිබුණි. අගනුවර මාර්ගෝපදේශක මුර සංචාරකයන් ඇය දකින විට ඇගේ සිරුරේ
හැඩ රේඛා වැසෙන ලිහිල් ලෝගුවෙන් සිරුර වැසී තිබුණි. ඉරානයේ කුප්‍රකට සදාචාර
පොලිසියේ සාමාජිකයින්, 1979 විප්ලවයේ සිට ඉරාන වැසියන්ගේ දෛනික ජීවිතය පාලනය කරයි.
ගතානුගතික ඉස්ලාමීය ඇඳුම් සහ හැසිරීම් නීති බලාත්මක කරන්නන් වූ ඔවුන් පසුගිය වසරේ
බලයට පත් වූ දැඩි මතධාරී ජනාධිපතිවරයා යටතේ අලුතින් තවත් ජවසම්පන්න විය.
ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුව, මහ්සා අමිනී
නුසුදුසු ලෙස ඇඳ පැළඳ සිටියාය. එයින් අදහස් කළේ ඇගේ හිස වැසූ පළඳනාවෙන් එලියට
පෙනෙන කෙස් රොදක් වැනි සරල දෙයක් විය හැකිය. ඔවුන් ඇයව වෑන් රථයක දමා රැඳවුම් මධ්‍යස්ථානයකට
ගෙන ගිය අතර එහිදී ඇයට නැවත අධ්‍යාපනය ලැබීමට නියමිතව තිබුණි. දින තුනකට පසු
සැප්තැම්බර් 16 වන දින
ඇය මිය ගියාය.
දැන්, දින ගණනක් පුරා වීදි සටන් ඇවිලේ. දශකයකට
වැඩි කාලයක් තුළ පාලන ක්‍රමය සමඟ ඇති වූ කෝපය එලියට එමින් පවතී., ඇගේ නම සෑම තැනකම
සටහන්ව තිබේ. නගර ගනනක ඉරාන විරෝධතාකරුවන් "කාන්තාවන්, ජීවිතය සහ
නිදහස" සහ "ආඥාදායකයාට මරණය" යනුවෙන් සටන්පාඨ කියමින් හඬ නඟයි.
ඔවුන් ඉරාන ජනරජයේ දිව්‍යාණ්ඩු පාලනය ප්‍රතික්ෂේප කරමින් එහි බෙදුම්වාදී සංකේතයක්
වන රෝගාතුර උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉලක්ක කරමින් විරෝධය පායි.
වීඩියෝ කිහිපයක, කාන්තාවන් තම හිස් ආවරණ ඉරා දමා, කුම් සහ මාෂාඩ්
වැනි දැඩි ආගමික නගර වල වීදි ගිනිදැල්වලින් වැසී ඇත. එකක කැබිනට්ටුවක් උඩ සිටින
තරුණියක් ඝෝෂාකාරී පෙලපාලිකරුවන් පිරිසක් ඉදිරියේ ඇගේ කොණ්ඩය කපා දමයි. තවත් එකක, තරුණියන් කැරලි
මර්ධන පොලිසිය ඉදිරිපිට හිස් ආවරණ ගලවා නටන්නට තරම් එඩිතර වී සිටියි.
රිටිගල
ජයසේන
ෆේස්බුක් සටහනක උපුටාගැනීමක්

Post a Comment