ලංකාවේ හේතුවාදී ව්‍යාපාරය පිළිබද සමාලෝචනයක්
(Rationalism කියන වචනයට ‘හේතුවාදී’ යැයි නම් කලේ අපේ හිටපු සභාපති
ධර්මපාල සේනාරත්න යැයි ඔහු මට කියා ඇත. නමුත් දැන් ආසියා අප්‍රිකාවේ එයට භාවිත
වන්නේ Free Thinker ‘නිවහල් චින්තකයා’ කියන
යෙදුමයි. යුරෝපයේ දැන් බොහෝවිට කියවෙන්නේ Humanist ‘මානවවාදියා’ යන යෙදුමයි. මම වඩා කැමති ‘නිවහල් චින්තකයා’
යන යෙදුමටයි.)
හේතුවාදී / මානවවාදී ක්‍රියාදරයන් වශයෙන් අපේ ව්‍යාපාරය කෙසේ දියුණු කළ
හැකිද? , කෙසේ දියුණු විය යුතුද? වැනි ප්‍රශ්න ඔබට මෙන්
මටද පසුගිය අවුරුදු 10ක් පමණ කාලය තුලම ඇති
විය. යම් යම් අවස්ථාවලදී පුද්ගලික සටහන් ඇසුරෙන් මේ ගැන නායකත්වයේ ඉන්නා අයට
දැනුවත් කළෙමි. නමුත් තවම ඒ කිසිවකට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.
එම නිසා මෙවැනි විවෘත ලිපියක් ලිවීමට මම තීරණය කළෙමි.
ඉතිහාසයෙන් බිඳක්.
අපේ ක්‍රියාකාරිත්වයේ අඩු පාඩුකම් වල අග මුල සෙවීමට කොවුර්ගේ කාලයේ ක්‍රියාදරයන්වූ
දැනට ජිවතුන් අතර ඉන්නා දෙදෙනෙක් සමග සාකච්ඡා කළෙමි. ඒ දෙදෙනා නම් ශිවගුරුනාදන් සහ
කාලෝයි. ඔවුන් සමග කළ කතා බහේදී මුල සිටම ලංකාවේ හේතුවාදී ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදය
පිළිබද දැක්වූ දුර්වල ආකල්පයන් තහවුරු විය.
මෙහි හැට ගණන් වල හේතුවාදී ව්‍යාපාරයේ පිතෘවූ ආචාර්ය කොවුර් වැදගත්
වැඩකොටසක් ඉටු කළේය. නමුත් ඔහුගේ මුලික අවශ්‍යතාවය
වුයේ විනිවිද, ප්‍රජාතන්ත්‍රවාදී, ව්‍යාපාරයක් ගොඩනැගීමට
නොවේ. ඒ වෙනුවට ඔහුගේ අවධානය
වුයේ ගම් නියම් ගම් වලට ගොස් අපේ නුගත් ජනතාව දරණ ආගම්, විශ්වාස, ඇදහීම් වැරදී බව පෙන්නුම්
කිරීමටය. ඊට අමතරව තර්ස්ටන් විද්‍යාලයේ මසකට වරක් ප්‍රසිද්ධ රැස්වීමක්
පැවැත්වූයේය. ඔහුට විජ්ජා දැනුමක්ද තිබුනේය. හේතුවාදී සාහිත්‍යකටද ඔහු මුල
පිරවූයේය. මේ සියල්ල කලේ ඒක පුද්ගල ව්‍යාපාරයක් ලෙසය. හේතුවාදී සංගමයක් ස්ථාපිත
කලද එයට එකඟවූ ව්‍යවස්ථාවක්, සාමාජිකත්වයක්, වාර්ෂික මහා සභා රැස්වීමකින් තෝරා පත්කරගත් විධායකයක්
වැනි සරල ප්‍රජාතන්ත්‍රවාදී කරුණු ගැනවත් ඔහු නොතැකුවේය. එක් උදහරණයක් වශයෙන් 1970දි යම් රැස්වීමකදී, එවිටත් ගිනි පෑගීම සහ
තවත් සමාජ කටයුතු පිළිබද ප්‍රසිද්ධියක් දැරූ කාලෝ දෙසට හැරී “ඔබ අද සිට අප සංගමයේ
උප සභාපති” යැයි කිවේය! තවද සමාජීය කරුණු පිළිබද කොවුර්ගෙන් අවධානයක් යොමු වුයේ
නැත.
කලාව, සාහිත්‍ය පිළිබඳ ඔහුගේ
ආකල්පයන් පසුගාමීය. එක් අවස්ථාවකදී ඒ පිළිබද ශිවගුරුනාදන් ඇසු ප්‍රශ්නයකට ඔහුගේ
පිළිතුර වුයේ “ ඔය සිංදු , කවි, කෙටි කතා, නාට්‍ය ගොතපු ඒවානේ.
හුදෙක් සංකල්පනේ. ඕවට මට වෙලාවක් නෑ, ඕව මට වැඩකුත් නෑ”. මටද මේ සම්බන්ධයෙන් අත්දැකීමක් ඇත.
හේතුවාදී ගීතයක් සංස්කරණය කිරීමට මා කැමැත්ත දැක්වූ අවස්ථාවක ඒ හේතුවාදී රැස්වීමේ
සිටි අය “ අපිට සිංදු වලින් වැඩක් නෑ, අපට සිංදු එපා” යැයි කෑකෝගැසිය. නමුත් එහි සිටි එක් අයෙක්
“ මට ඔය ගීතයේ වචන ටික කියන්න” කිවේය. එය ඇසු පසු “ මම ඕක නිෂ්පාදනය කිරීමට
මුදලින් ආධාර කරන්නම්” කිවේය. හේතුවාදී තේමාවක් අනුව නාට්‍යයක පිටපතක් ලියාගෙන
ගියද පවතින වාතාවරණය හේතුවෙන් එය අත් හලෙමි. ගීතයෙන්, නාට්‍යයෙන්, විජ්ජා පෙන්වීම වැනි
දෙයින් කෙතරම් තරුණ කොටස් ආකර්ශනය කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂවී නැත්තේ අපේ
අවාසනාවකටය.
2011 දෙසැම්බරයේදී ඉන්දියාවේ හේතුවාදී සංගම් Federation හි සභාපති වූ මහාචාර්ය නරේන්ද්‍ර නායක් මෙහි පැමිණ නගර
කිහිපයක සංචාරයක යෙදුනි. ඔහු ගත කළ අවසාන දිනය මා සමඟ සාකච්චාවන් සදහා යොදාගෙන
තිබුණි. අපි ලංකාවේ පවතින තත්වය ගැන යම් තක්සේරුවක් කළෙමු. එවිට ඔහු මෙසේ කිවේය. “
මෙහෙ සංස්කෘතිය දීප ව්‍යාප්ත හේතුවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට ඉන්දියාවට වඩා හොඳයි.
කොවුර් පවා මෙහෙට ආවේ ඒකනේ. මට ඉංග්‍රීසි කතා කරන තරුණ තරුණියන් 20ක් එකතු කරල දෙන්න. මගේ
මුදලින් ඒ අයව පුහුණු කරලා රට වටේ යවමු. වැඩ පලවල්, ගොවි පලවල්, විශ්ව විද්‍යාලවලට ගොස් වීදි නාට්‍ය, සංගීත, විජ්ජා පෙන්වා තරුණ අයව
ආකර්ශනය කරන විදිය මම උගන්වන්නම්.”
එයටද ප්‍රතිචාරයක් නොලැබුණි.
මෑතකදී පවා ඉන්දියාවේ හේතුවාදීන් ඝාතනයට ලක්විය. නමුත් අපේ අසල්වැසි රටේ
හේතුවාදී සංවිධාන සමගවත් සබඳතා ගොඩනැගීමට අපේ දුපත් මානසිකය ඉඩදී නැත.
අපේ ඉතිහාසය ගැන මෙවැනි තක්සේරුවක් නොගෙන අපට ඉදිරියට යා හැකිද? අපි අද වෙනකන් මේ
එඩේරුන්ගේ දුර්වල පැති විවේචනය කොට හරි තැනකට ඒමට එකඟ නොවන බැටළුවන් වැනිය.
පුනරුදය
මෙහිදී, කොවුර්ගෙන් පසු ක්‍ෂයවී
ගොස් තිබු ව්‍යාපාරයට නව පණක් දීමට සමහරුන් ඉදිරිපත් වුහ. ඉන් ඉදිරියෙන්ම සිටියේ
තාරක ප්‍රමුඛත්වය දුන් කණ්ඩායමය. ඔවුන් 2005 ජුලි 2 වෙනිදා කොලඹදී නව සංගමය
ආරම්භ කළහ. එයට සහභාගී වීමට හැකිවීම මාගේ අමන්දානන්දයට හේතු විය. ඉන් පසුව සේන ප්‍රමුඛ
කණ්ඩායමක් මහනුවර ශාඛාවක් ආරම්භ කළහ. ඔවුන් සැහෙන වර්ධනයක් පෙන්වා ඇතැයි කිව හැක.
මෑතකදී උදය සහ විශ්වජිත් Internet මගින් ආරම්භ කල ‘මිත්‍යා’
වැඩසටහනද පැසසුමට ලක් කළ යුතුය. එයට වෛද්‍ය සෙනෙරත් වේරගම විශාල දායකත්වයක් සපයයි.
තවද යම් යම් නගරවලත් නව සංවිධාන බිහිවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරයි.
එමනිසාම අපගේ යටගියාවේ අඩුපාඩුකම් හදුනාගෙන රට ලෝකය පිළිගන්නා, ඇහුම්කන් දෙන නිහතමානී
අභිමානවත් ව්‍යාපාරයක් බිහිකිරීම අපගේ යුතුකම බව ඔබ එකඟ වේයැයි මාගේ පැතුමයි. රටට
මෙන්ම අපටත් මේ වෙනස්වීමට කාලයයි! මේ විවේචන සලකා බැලිය යුත්තේ එවැනි මානසිකයකිනි.
මෙයට කෙටි පිළිතුර වන්නේ, අප
විශ්වාස ඇදහීම් මත නොව හේතු සාධක පදනම් කොට දැනුම ලබාගැනීමේ විධි ක්‍රමයකට
සදාචාරාත්මකව බැඳී ඇති පිරිසකි. මානවයාගේ යහපත් ප්‍රගතියත් පරිසරයත් අපට වැදගත්ය.
අපට පක්‍ෂ දේශපාලනයක් නැත. අපි ඡන්දේ ඉල්ලනෙත් නැත. එම නිසා අප දන්නා දේ ඍජුවම
නොබියව ප්‍රකාශ කිරීමට අපට හැක. වාසනාවට අපේ රටේ නීතියත්, සංස්කෘතියත්
එයට බාධාවක් නොවේ. එය අගය කළ යුතුය. අපට සමානකම් ඇති තවත් සංවිධාන ඇත. ලංකාවේ ප්‍රජා
සංවිධාන ප්‍රචලිත වීම යහපත් ප්‍රවනතාවකි. නමුත් වෙනස, ඒවාට
වඩා වැඩි දුරක් අපට ගිය හැක. මෙතනදී ඉඩ ඇත්තේ උදාහරණ ටිකක් කීමට පමණි:-
- යුද විරෝදය, ජාතීන්ගේ ස්වයංතිරණ අයිතිය, නිර්ආගමික
ව්‍යවස්ථාව
- කාන්තා අයිතීන්, දික්කසාද, ගබ්සා, පවුල්
පාලන අයිතීන්, ගැහැනුන්
පිටරට යැවීම පිළිබඳ
- ළමා අයිතීන් : නිර්ආගමික පාසල්, ආගමේ
නාමයෙන් කෙරෙන ලිංගික හිංසාවන්ට විරෝධය
- සහන මරණ (Euthanasia) අයිතිය
- ජනගහන පාලනය. අප රටේ සෑම දවසකම දරුවන් 1000ක්
බිහිවේ. මෙවැනි කුඩා දුපතකට එය ඔරොත්තු දෙන්නේද? එයින්
සිදුවන පරිසර විනාශය! මහාචාර්ය ෆ්‍රෑන්ක් ෆෙනර්ට අනුව ලෝක විනාශයට තව ඇත්තේ
අවුරුදු 100ක් පමණි.
මුලික හේතු දෙක වන්නේ ජනගහනය වැඩිවීමත්, පරිසර දුෂණයත්ය.
මේවා ගැන හේතුවාදීන් අතරද විවාද ඇති විය හැක. එය අපේ
නිවහල්, නිදහස්
චින්තන ක්‍රමයේ ස්වභාවයයි. එය අපේ
ශක්තියයි!
මට දැන් පෙනෙන ආකාරයට අපට ඇති මුලික ප්‍රශ්න වී ඇත්තේ,
1.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද
අපි දරණ පසුගාමී ආකල්පයයි. මානව හිමිකම් සහ ‘සමාන සාධාරණත්වය හා අවස්ථාවන්’ (Equal Oppotunities) වැනි
සංකල්පයන්ද මෙයට බද්ධවී ඇත. ගමේ ගොඩේ මරණාධාර සමිතියක පවතින ප්‍රජාතන්ත්‍රවාදයවත්
අප අතර නැත. මේ පිළිබද මුල් අවධියේම මා කළ විමසුමකට සංගමයේ නායකයෙක් දුන් පිළිතුර
“ඔය එංගලන්තේ ප්‍රජාතන්ත්‍ර අදහස් මෙහාට ගැලපෙන්නේ නෑ” කියාය. සභාපතිලා, ලේකම්ලා
මැරෙන තාක්කල් ඒ තනතුරුවලය. එම නිසා විවිධත්වයට, අලුත්
අදහස් හා ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. රාජපක්‍ෂ 18 වැනි
සංශෝධනය සම්පාදනය කලේ අපේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන්දැයි සිතේ!
2.
සමාජ කටයුතු සමග බද්ධ වීමට අප දක්වන
අකමැත්තයි. කොවුර්
මේවායින් අත්මිදුනු හේතුවක් ලෙස මෙවැනි අදහසක් ඉදිරිපත් කළ හැක. හැට ගණන් වලදී
සමාජ සටන් වලට බලයක් දුන් වාමාංශික ව්‍යාපාරයක් තිබුණි. ලෝකයේ විශාලම ට්‍රොස්කිවාදී
පක්ෂය එනම් සමසමාජ පක්ෂය තිබුනේ ලංකාවේය. 64 දී
පක්ෂය දෙකඩ වනතුරුත් ඔවුන් සහ වෘතිය සමිති ව්‍යපාරය ඍජු සමාජ ක්‍රියාකාරිත්වයක
යෙදී සිටියහ. ඒවාට සම්බන්ධවූ දහස් ගණන් ජනතාව දේව විශ්වාස, ඇදහිලි
වැනි දෙයින් මිදුනේ සමාජ ක්‍රියාකාරීත්වයෙන් සහ න්‍යායික උගැන්වීම් වලින් මිස
ජෝතියෂ්‍ය හෝ නැවත ඉපදීම ගැන සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් නොවේ. විශ්වාස ඇදහීම් ගැන
විවේචනය නොකළ යුතු යැයි මෙයින් අදහස් නොවේ. විවේචනයේ ආරම්භයම ආගම් විවේචනය යැයි
කාල් මාක්ස් ගේ අදහසට අපට එකග විය හැක. නමුත් මිනිසා බොහෝවිට ඒවයින් මිදෙන්නේ සමාජ
ක්‍රියාවලියේදීත් ඔහු ලබන අත්දැකීම් අනුවය. එම නිසා මා අවධානය කරන්නට වැයම් කරන්නේ නය්‍යායෙන්
තොර භාවිතයෙත්, භාවිතයෙන්
තොර නය්‍යායෙත් ඇති වඳභාවය ගැනය. එය
අදටත් එසේය. 1964 වර්ෂයේ
ලංකාවෙන් පිටවනතාක් මා කොවුර් ගැනවත් හේතුවාදී සංගමයක් ගැනවත් අසා නොසිටියේ මේ
නිසා විය හැක. අපේ නගරයේ එක ජෝතිෂ්‍යවෙදියෙක්වත් නොවිය. හදහනක් බලා ගැනීමට දුර
ගැමී පලාතකට යන්නට විය. බලි තොවිල් තිබුනේ නැත. පන්ති සටනේදී සිටි අපට යක්කු, භූත, ජෝතිෂ්‍ය
වැනිදෑ අදාල නැති නුහුරු දෙයක් විය. නමුත් මේවා සියල්ල සෝදා පාලුවට ගොස් ඇති
වර්තමානයෙදීවත් සමාජ ප්‍රශ්න ගැන අපි ඉන්නේ ගොළුවන්, බීරන්
ලෙසය. ඇත්තටම පිකට් ව්‍යාපාරයකවත් පොස්ටර් ටිකක් උසුලාගෙන සිටිය හැකි තරුණ
තරුණියන් 10ක් වත්
අපට නැත. ඒ අතින් අපේ ක්‍රියාකාරිත්වයේ වඳභාවයක් ඇති වී තිබේ.
3.
තරුණයන්, තරුණියන්, කාන්තාවන්, සහ දෙමල
ජනතාව ගැන අප දක්වන බියයි. “අපෝ දැන් ඉන්නා තරුණයන්ගෙන් කිසි වැඩක්
නෑ, උන්
කිසි දෙකට එන්නේ නෑ.” කියනු මා අසා ඇත. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ද, හෙදියන්ද, කම්කරුවන්ද, දෙමල
ජනතාවද, විශාල
සමාජ සටන් වල නියැලී සිටිති. ඔවුන් සමග බද්ධ වීමට අපේ ඇති අකමැත්ත හෝ විරෝධය බියක්
ලෙස මට දැනේ. දැනට අප සංගම් තුල ඉන්නේ අවුරුදු 40ට වැඩි, සිංහල, බෞද්ධ
පසුබිමක් ඇති පිරිමින්ය. ඉහත කී විවිධ කොටස් අප වෙත ආකර්ෂණය කිරීමට නොහැකි වීමට
මුලික හේතුවක් ලෙස ‘සමාන සාධාරණත්වය හා අවස්ථාවන්’ (equal oppotunities) පිළිබඳ
අපි අධ්‍යනයක් කර නැති නිසා යැයි කිව හැක. එම සංකල්පය තවම සමාජ ගතවී නැති හෙයින්
එය එදිනෙදා භාවිතයේද නැත.
එය කෙටියෙන් විස්තර කළහොත්, අපේ ක්‍රියාවෙන්, හැසිරීමෙන්, ඉරියව්වෙන්
අපි ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති නිසාය. අපට සමීප වන්නට ඔවුනට පාරක් කපා දී නැති
නිසාය.
සිවගුරුනාදන්ට අනුව මෙය ආරම්භයේ සිටම තිබු ප්‍රවනතාවයකි.
මෙතනදී මම ඔබට යෝජනාවක් කරමි. දැන් වයස්ගත වුවද සිවගුරුනාදන් තවමත් කාර්ය්‍ය බහුල
සමාජ ක්‍රියාධරයෙකි. අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රතිපත්ති ගරුක උගත් හේතුවාදියෙකි.
පරිවර්තකයෙකි. ඔහුට භාෂා තුනම ව්‍යක්තව හැසිරිය හැකිය. මේ කරුණු ගැන සාකච්ඡාවකට
ඔහුව ඔබගේ සංගම් ශාඛාවට ආරාධනා කරන්න. ඔහුගෙන් ඔබට ඉගෙනගත හැකිදෑ බොහෝය.
Internet මිත්‍යා වැඩසටහන පිළිබඳවද මේ විවේචනයම නොයෙක් විට මම
ඉදිරිපත් කළෙමි. එය නරඹන ප්‍රේක්ෂකයින්ගේ වැඩි වීමක් නොවන්නේ තරුණ ජනතාවගේ දැවෙන
සමාජ ප්‍රශ්න පිළිබඳ අර්ථ කථනයක් එම වැඩසටහනේ නොමැති බැවිණි.
4.
අන්තර්ජාතික සම්බන්ධතා තහවුරු කිරීමට
අපගේ ඇති අකමැත්ත. හේතුවාදී
ව්‍යාපාරය බිහි වුයේ ලංකාවේ නොවේ. නමුත් දුපත් මානසිකය නිසාදෝ අපි කුටුම්බගත
ජිවිතයක් ගත කරමු. හේතුවාදීන්ටද ලෝක සංවිධානයක් ඇත. එහි රටවල් පනස් ගණනක් නියෝජනය
වේ. එයට ඍජුව සම්බන්ද නොවී ඔවුන්ගේ මාහැඟි සඟරා ලබා නොගෙන ඉදහිට අන්තර්ජාලය
මාර්ගයෙන් ඔවුන් කරන කියන දේවල් පමණක් බැලීමෙන් අපට ඉදිරියට යා නොහැකිය.
කළ යුත්තේ කුමක්ද?
මේවා වරින් වර ලිඛිතව ඔබට දී ඇති වුවද නැවත සටහන් කරමි.
1.
කෙටි, පැහැදිලි, ව්‍යවස්ථාවක් සම්පාදනය
කරන්න. (එහි ආකෘතියක් ඔබට දී ඇත.) සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන
තුන්දෙනාගේ පත්වීම එක වතාවකට පමණක් සිමා කරන්න. (අවුරුදු දෙකකට පමණ පසුව ඒ අයටම
නැවත ඒ පදවි වලට ඉදිරිපත් විය හැක. එතෙක් අවශ්‍යනම් කාරක සභිකයෙක් ලෙස කටයුතු කළ
හැක)
2.
ව්‍යවස්ථාව කියවා බැfඳන්නට කැමති පුද්ගලයින්ගේන් අත්සනක් සහ සාමාජික මුදලක්
ලබා ගන්න. (රැකියාවක් නොමැති අයට සහන මුදලක්) විශේෂයෙන්ම දෙමළ, කාන්තා, තරුණ කොටස් බදවා ගැනීමට
යුහුසුළු වන්න. දැන් ඔබට සාමාජික ලැයිස්තුවක් ඇත.
3.
ආරම්භිත වාර්ෂික මහා සභා රැස්වීමට දිනයක් නියම කරන්න.
4.
එහිදී සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තනතුරුවලට
අලුත් අය පත් කරගන්න. කාරක සභාවට පත්කරන සභිකයන් යම් කාර්යයකට අනුබද්ධව පත් කරන්න.
උදාහරණ වශයෙන් දෙමල කටයුතු බාර, කාන්තා කටයුතු බාර, තරුණ කටයුතු බාර, කළා සහ සඟරා කටයුතු බාර
වැනි වැඩ කොටසක් බාර (Task Oriented) අය පමණක් පත් කරන්න. ඒ
අනුව කාරක සභාව 6 දෙනෙකුට පමණ සිමා කරන්න.
එමගින් කාරක සභා රැස්වීම් වලදී ඝන පුර්ණ ප්‍රශ්නයද විසfඳ්.
5.
මෙවැනි සංවිධාන යම් ප්‍රමාණයක් බිහිවූ පසු ඒවා ගොනු
කිරීමට Federation එකක් ස්ථාපිත කරන්න. ඒ Federation එකේ නමින් International Humanist Ethical Union (මානවවාදීන්ගේ
අන්තර්ජාතිකයේ) සාමාජිකත්වය ලබා ගන්න. නාට්‍ය, සංදර්ශන, පොත් මුද්‍රණය කිරීම්
වැනිදෑ Federation එක මඟින් කළ හැක.
6.
තෝරාගත් විශේෂ දින සමරන්න. එමගින් වෙන් වෙන්ව ක්‍රියා කරන
සංවිධාන අතර එකමුතුවක්, බැඳීමක් වර්ධනය කරයි.
උදා: අපි කළකට පෙර මැයි 18 ‘හේතුවාදී දිනය’ ලෙස නම්
කළෙමු. එය උපන් ගෙයිම මළේය! ඊට අමතරව රිසානා ළදැරියගේ ගෙල සිඳු ජනවාරි 9 වෙනිදා ‘ මරණ දඬුවමට
විරුද්ධ දිනය’ ලෙසත් ඈන් ප්‍රෑන්ක්ගේ උපන් දිනය, ජුනි 12 ‘තරුණ ලේඛකයින්ගේ දිනය’
ලෙසත් සමරන්නට යෝජනා කළෙමි. ප්‍රතිචාරයක් නැත. ඕනෑම ව්‍යපාරයක් වර්ණවත් කිරීමට
එවැනි දිනයන් අවශ්‍යයයි.
ආර්. ප්‍රනාන්දු

Post a Comment