ජාතිය යනු?
ජාතිය යනු
කල් ඉකුත්වූ සමාජ ප්‍රපංචයකි. එහි පැවැත්ම මිනිසාට අහිතකරය. නමුත් යතාර්ථය නම් ඒවා
තවමත් පැවතීමයි.
පොදු සංස්කෘතියක් භාෂාවක් සහ ඉතිහාසයත් මත පදනම්
වෙමින් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල සංවිධානය වූ ජනකොටසක් ජාතියක් නම් වේ. මෙසේ
නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල සංවිධානය වීම සඳහා ජාතික රාජ්‍යයක් අවශ්‍යය. ඉංග්‍රීසීන්
පැමිණීමට පෙර ලංකාවේ නිශ්චිත භූමි ප්‍රදේශයක් තිබුණේ නැත. භූගෝලීය වශයෙන් තිබුනත්
සමාජීය වශයෙන් තිබුණේ නැත. ඉංග්‍රීසීන් විසින් මහාමාර්ග දුම්රිය මාර්ග තැනීමට පෙර
තමන් ජීවත්වන්නේ මෙවැනි ප්‍රදේශයක් තුල බව ලංකාවේ ජනයා දැන සිටියේ නැත. ලෝකය මෙසේ
යයි ඔවුන් දැනගත්තේ ඉංග්‍රීසීන්ගේ සිතියම් මගිනි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව
පිහිටුවීමෙන් පසු ප්‍රාදේශීය සිතියම් නිර්මාණය විය. විදුලිය, ටෙලිග්‍රාෆ්, තැපෑල ලැබුන පසු
භූමි ප්‍රදේශය ගැන චිත්‍රයක් ඔවුන් තුල ඇඳෙන්නට විය. පොලීසිය, හමුදාව, උසාවි ඇතුලත්
ජාතික රාජ්‍යය බිහිවනවාත් සමඟම අපේ රට යන සංකල්පය මතුවන්නට විය. ඉංග්‍රීසීන්
විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා පැරණි නටබුන් අර්ථකථනය කලෝය. ලැබුන
තොරතුරු මහාවංශයට අනුව පෙලගස්වමින්ඉතිහාසය පිලිබඳ මිථ්‍යාව රචනා විය.( ජාතියක්
ගොඩනැගීමට සඳහා එම මිථ්‍යාව අවශ්‍යම අංගයකි)
පන්සල් වල පුස්කොල පොත් වශයෙන් තිබූ ත්‍රිපිටකය මුද්‍රිත
අකුරු වලට දැමීමෙන් පසු බුද්ධාගම නමැති නව ආගම සමාජගතවීම ආරම්භ විය. ඉංග්‍රීසීන්
විසින් පාලි භාෂාවෙන් තිබූ මෙම ත්‍රිපිටකය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.
දැනට අවුරුදු දෙසීයකට පමණ පෙර කොළඹ කෙනෙක් මාතරට
ගියේ නම් මාතර භාෂාව ඔහුට තේරුනේ නැත. මුද්‍රිත අකුරු, පුවත්පත්, රේඩියෝ හඳුන්වා
දුන් පසු රටපුරා විවිධ වෙනස්කම් සහිතව තිබූ භාෂාව එකම සමජාතීය සිංහල භාෂාවක් බවට
පත්විය. හැමෝටම සිංහල නම් ලැබුණි. දූපතේ දකුණු කොටසේ ජීවත්වූ විවිධ වර්ගයේ සිංහල
ජන කොටස් සිංහල ජාතියක් බවට පත්විය.
ඉංග්‍රීසීන් පැමිණෙන විට දූපතේ උතුරු ප්‍රදේශය දකුණු
ප්‍රදේශයෙන් වෙන්වූ දෙමල රජෙකු යටතේ පාලනය වූ ස්වාධීන ප්‍රදේශයක් හැටියට පැවතුනි.
නිශ්චිතව කිව නොහැකි වූවත් උතුරේ ජීවත්වූ මෙම ජනකොටස් බොහෝවිට ලංකාවේ මුල්ම
පදිංචිකරුවන්ගෙන් පැවැත එන්නන් විය හැක.
ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කල ජාතික රාජ්‍යය එනම්
හමුදාව, පොලීසිය, උසාවිය, පාසල්, කච්චේරි ඇතුළු
ආයතන පද්ධතිය හරහා ජාතිකත්වයක් නිර්මාණය වන්නට විය. කොළඹ, මාතර , මහනුවර සිටි
ජනකොටස් එකම ජාතියක් ලෙස ඒකාබද්ධ වූවත් උතුරේ දෙමල ජනයා මෙම ක්‍රියාවලියට අවශෝෂණය
වූයේ නැත. ගැටලුව විසඳා ගත යුතුව තිබුනේ උතුරට ප්‍රාන්ත රාජ්‍යයක බලතල ලබාදීම
තුලිනි. ඉංග්‍රීසීන් සිටියා නම් එසේ ගැටලුව විසඳන්නට ඉඩ තිබිණි. නමුත් 1956 බලයට පැමිණි
සිංහල ජාතිවාදීන් රාජ්‍යය සිංහලකරණය කොට උතුරේ ජනයා බලහත්කාරයෙන් ඒකීය රාජ්‍යයට
ගාල් කිරීමට වැඩ සලස්වන ලදී.
රාජ්‍යය යනු ලෙනින්ට අනුව සන්නද්ධ බලයයි. සන්නද්ධ
බලය දරා සිටින්නේ හමුදාවයි. ‘ගමනේ යා’ ‘සීරුවෙන් සිටින්’ කියා හමුදාව තුල අණදෙන්නේ
සිංහලෙනි. වික්‍රමබාහු සහෝදරයා වරක් කීවාක් මෙන් හමුදාවේ තිබෙන්නේ ගැමුණු, ගජබා ආදී සිංහල
රෙජිමේන්තුය. එළාර රෙජිමේන්තුවක් හමුදාව තුල නැත.
දෙමලාට ඇති ප්‍රශ්නය කුමක්ද? ඉංග්‍රීසින්
පැමිණෙන තෙක් ස්වාධීනව සිටි ජනවර්ගයක් පරාධීන ජාතියක් බවට පත්වීමයි. අමුතුවෙන්
පීඩා කිරීමට අවශ්‍ය නැත. සිංහල ජාතික රාජ්‍යයේ පැවැත්මම දෙමලාට පීඩාවකි. අර
දෙන්නෙකුට යන්න බැරි ප්‍රයිවට් බස් එකේ ඩබල් සීට් එකක උස මහත මනුස්සයෙක් ඉඳගත්තාම
අනෙක් පැත්තේ ඉන්න මනුස්සයට දැනෙන පීඩනය වගේ.
එතකොට ඒගොල්ලො තමන්ගේ ගැටලුව කියන්න ගත්ත. දකුණේ
බහුතරයක් ඒකට ඇහුන්කන් දුන්නේ නැහැ. ඒ වෙනුවට දියත් කලේ මර්ධනය. ඒගොල්ලො මර්ධනයට
ප්‍රතික්‍රියා දක්වන්න ගත්ත. අවසානයේ මරාගෙන මැරෙන්න තීන්දු කලා. වෙච්ච දේවල් වෙලා
ඉවරයි. නමුත් දෙමල මිනිස්සුන්ගෙ ගැටලුව එහෙම්මමයි.
තාරක
වරාපිටිය

Post a Comment