සහන මරණ අයිතිය (EUTHANASIA) තහවුරු කරමු.
ගිය සතියේ වික්ටර් අයිවන් ලියු ‘පිළිකාවේ සදාචාරය
හා සදාචාරයේ පිළිකාව’ ලිපිය අවසන් කරන්නෙ‘‘මා නම් මාගේ වර්තමාන වයසේදී පිළිකා රෝගී තත්වයකට මුහුණ
දෙනන්ට සිදුවවුහොත් ප‍්‍රතිකාර ගන්න තැනට යන්නෙ නැත. ආත්ම විශ්වාසයකින හා සන්සුන්ව
මාගේ පළපුරුදු ජිවිතය පවත්වාගෙන යෑමට උත්සාහ කරමි. එහිදී මුහුණ දෙනන්ට සිදුවන
ලොකුම ගැටළුව වනුයේ කිසියම් අවස්ථාවකදී ඉවසිය නොහැකි වේදනාකාරී තත්වයකට මුහුණ
දෙනන්ට සිදුවිමය. එම විශේෂ අවස්ථාව පසුකරලමීට මෝෆින වැනි වේදනා නාශකයක් ලබාගත
හැකි නම් එම අවස්ථාව සුවදායක මරණයකින කෙළවර කරගත හැකිය.’’
පිළිකා රෝගය කෙතරම් ව්‍යාප්ත වීදයත් සෑම 16 දෙනෙකුගෙන එක් අයෙකුට පිළිකාවක් ඇති
විමේ ප‍්‍රවනතාවයක් දක්නට ලැබේ. දවසකට පිළිකාවෙන් පෙළෙනන්න් 50කටත් 60කටත් අතර මියයන බව වාර්තා වේ. ළදරුවන්ද තරුණයන්ද මහල්ලන්ද මේ
අතර වේ. ලෝකයේ අන් රටවලත් විවිධ හේතුන් නිසා පිළිකා රෝගය ව්‍යාප්ත වී ඇත. මා සිතන
ආකාරයට මේ රටේ පිළිකාවන්ට මුලික හේතුව ඇස්බැස්ටෝර්ස් සහ වාහන වලින් පිටවන දුම්ය.
එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල මෙය තේරුම් ගත් විට එංගලනත්යේ සියළු පාසල් ගෙවල්
ගොඩනැගිලි වල තිබුණු ඇස්බැස්ටෝර්ස් ගලවා පොළොව හාරා වළලා දමන ලදී. ඔස්ටේ‍්‍රලියාවේ
මිතුරෙකු කී පරිදී ඒ රටේ ‘බිම් බෝම්බ’ යැයි සැලකෙන ලබන්නේ ඇස්බැස්ටෝර්ස්ය. තම ගෙමිදුලේ ඇස්බැස්ටෝර්ස් කැබැල්ලක්
දුටුවහොත් වහාම පොළිසිය කැදවා එය ඉවත් කරයි. මේ මුලික හේතු දෙක ගැන අවධානය යොමු
නොකොට සිගරට් එකට දුම්වැටි විරෝධී ව්‍යාපාර ගෙන යන්නෙ මයිනහමට තැලිමක් වැන.
මෙනයින් දුම්බිම හොඳ පුරුද්දක් යැයි මා නොකියමි. නමුත් පිළිකාවන්ට මුලික හේතුව එය
නොවේ යැයි මට හැගේ.
වික්ටර් අයිවන්ගේ විස්තරාත්මක ලිපියේ අඩංගු අවසන්
කරුණ අසාධ්‍ය හොඳ කළ නොහැකි තත්වයකට පත්වවුහොත් එයට දැක්විය හැකි ප‍්‍රතිචාරයයි.
භව තණ්හා වැඩි වශයෙන් ඇති අය කෙසේ හො ලෙඩ සුව කරගැනමීට ප්‍රයත්න දරති. එසේ බැරි වන
විට දුම්රියට බෙල්ල තියති, මුහුදට ගඟට
බිලිවෙති නැත්නම් එල්ලි මැරෙති. රෝහල් වල පුරුද්දක් ලෙස මෝෆින් දෙන්නේ නැත. එය
පිටතින් ලබා ගත හැකිද නොවේ. මට පිළිකාවක් සෑදි පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින්
සිටින විට වේදනාව ඉවසාගැනීමට නොහැකිව එක වතාවක් ඔවුන් මොෆින් එනන්තක් දුන් නමුත්
දෙවැනි වතාවේදි එය ඉල්ලා සිටි විට එය ප‍්‍රතික්ශේප කළේය. එය ලබාගැනමීට රණ්ඩු කරන තත්වයකට යාමට
සිදුවිය.
මට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් සමඟ කළ සාකච්ඡා වලදි
ඔවුන් පැවසුවේ කුඩා දරුවන්ට පවා සනීප කළ නොහැකි තත්වයකට පත්වවුද වේදනාවෙන් මියයන
තෙක් බලා සිටිම හැර ඔවුන්ට කළ හැකි දෙයක් නැති බවය. දැන් පවතින නීතිය අනුව සහන
මරණයක් ලබාදීමට ඔවුනට නොහැකි බවයි. යම් යම් දියුණු රටවල පවතින ආකාරයට සහන මරණ දිමේ
බලය ඇති මණ්ඩලයක් අපිත් පිහිටුවා ගත යුතුය. එවිට ඕනෑම රෝගී තත්වයක් යටතේ අසනීපයෙන්
වේදනාවෙන් සිටින අයෙකුට හෝ දරුවන්ගේ දෙමපියනට ඒ මණ්ඩලය ඉදිරියේ පෙනිසිට කරුණු
දක්වා ශිෂ්ඨ අන්දමට ජිවිතය අවසන් කිරිමේ අයිතිය තහවුරැ කරගත හැක.
ආර්. ප්‍රනාන්දු

Post a Comment