මේ වසරේ මානව හිමිකම් දිනය

 මේ වසරේ මානව හිමිකම් දිනය



එක්සත් ජාතීන්ගේ මහා සංගමය විසින් ලොව පුරා මානව හිමිකම් ප්‍රකාශයට පත් කරන ලද දිනය වන 1948 දෙසැම්බර් 10 වෙනි දින සිට සෑම වසරකම දෙසැම්බර් 10 වෙනි දින, මුළු ලොවම මානව හිමිකම් දිනය ලෙස සමරනු ලැබේ.

ලොව මානව හිමිකම් සංවිධානය විසින් මේ වසරේ මානව හිමිකම් දිනයේ ආදර්ශ පාඨය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ “අභිමානය, නිදහස, සහ සෑම දෙනාටම යුක්තිය” යන්නයි.

ලොව මානව හිමිකම් ප්‍රකාශනයෙහි පෙර වදනෙහි අවධානය දක්වා ඇති කරුණ නම්, “මානව පවුලේ සෑම සාමාජිකයෙකුගේම ආවේණික ගෞරවය සහ අහිමි කල නොහැකි සමාන අයිතිවාසිකම් පිළිගැනීම්, ලොව නිදහසේ, යුක්තියේ සහ සාමයේ පදනම බව” ය.

එක්සත් ජාතින් විසින් ප්‍රකාශ කරන ලද මුලික මානව හිමිකම් 30 පහත දැක්වේ.

1. සියලුම මනුෂ්‍යයෝ නිදහස් හා එකසමාන අය වෙති.

2.
වෙනස්කම් නොකළ යුතුය. ජාතිය, වර්ණය, ලිංග භේදය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මත, ජාතික හෝ සාමාජික සම්භවය, වත්කම හෝ වෙනත් තත්ත්ව වැනි කිසිම ආකාරයක වෙනසක් නොකළ යුතුය. තවද යම් පුද්ගලයෙකු අයිතිවන රටේ හෝ ප්‍රදේශයේ දේශපාලන, අධිකරණ හෝ දේශපාලන තත්ත්වය මතද වෙනස්කම් නොකළ යුතුයි.

3.
ජීවත්වීමට අයිතිය. සෑම කෙනෙකුටම ජීවත්වීමට ද නිදහසට ද ආරක්ෂාවට ද අයිතිය ඇත.

4.
වහල්භාවය නොතිබිය යුතුයි.

5.
වධහිංසා හෝ අමානුෂික ක්‍රියා නොකළ යුතුයි. කිසිවෙකු වධහිංසාවකට හෝ කෘර, අමානුෂික හෝ අවමානයට ලක් කරන ක්‍රියා වලට හෝ දඬුවම් වලට භාජනය නොකළ යුතුයි.

6.
නීතිය භාවිත කිරීමට සමාන අයිතිය තිබිය යුතුයි.

7.
නීතිය ඉදිරියේ සමානය.

8.
අධිකරණය මගින් සාධාරණ ලෙස සැලකීමේ අයිතිය.

ව්‍යවස්ථාව මගින් හෝ නීතිය මගින් හෝ යමෙකුට ලබා දී ඇති මුලික අයිතිවාසිකම් බිදීමේ ක්‍රියාවලට සාර්ථක පිලියමක් ජාතික උසාවිවලින් ලබා ගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත.

9. අසාධාරණ ලෙස රදවා ගැනීම් නොකළ යුතුයි.

පදනම් රහිත අත්අඩංගුවට ගැනීමකට හෝ රදවාගැනිමකට හෝ පිටුවහල් කිරීමකට හෝ කිසිවකු භාජනය නොකළ යුතුයි.

10. සාධාරණ විනිශ්චයක් ලබා ගැනීමේ අයිතිය.

11.
වරදකරු බවට ඔප්පු වන තෙක් නිදොස් බවට අයිතිය.

12.
පුද්ගලිකත්වයට ඇති අයිතිය.

13.
යම් රටක මායිම තුල ජීවත්වීමේ සහ ගමනාගමනය කිරීමේ අයිතිය සෑමකෙනෙකුටම තිබේ. තමාගේ රට හෝ ඕනෑම රටක් හැර යෑමේ නිදහසද තම රටට පැමිණීමේ නිදහසද ඕනෑම අයෙකුට තිබේ.

14.
දේශපාලනයමය පළිගැනීමකට විරුද්ධව වෙනත් රටක ආරක්ෂාව ලබා ගැනීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත.

15.
ඕනෑම පුද්ගලයෙකුට රටවැසිභාවයට අයිතියක් ඇත.

16.
විවාහවීමට සහ පවුලක් සැදීමට ඇති අයිතිය.

17.
යම් දෙයක් අයිතිකරගැනීමේ අයිතිය.

18.
අදහස් දැරීමේ සහ ආගමක් ඇදහීමේ හෝ නොඇදහීමේ අයිතිය.

19.
අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය.

20.
එක් රැස්වීමේ අයිතිය.

21.
ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අයිතිය.

22.
සමාජීය ආරක්ෂාව ලැබීමේ අයිතිය.

23.
රැකියාවක් කිරීමේ අයිතිය.

රැකියාවක් කිරීමටද රැකියාව නිදහසේ තෝරා ගැනීමටද හිතකර වාතාවරණයක රැකියාව කිරීමටද, විරැකියාවෙන් ආරක්ෂාවීමටද, ඕනෑම කෙනෙකුට අයිතිය ඇත. සමාන කාර්රයන් සඳහා වෙනස්කමකින් තොරව සමාන වැටුපක් ලබා ගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත. තමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා වෘතිය සමිතිවලට බැදීමේ අයිතිය ඕනෑම කෙනෙකුට ඇත.

24. විවේකය සඳහාද නිවාඩු කාලයක් ලබා ගැනීම සඳහා අයිතිය.

25.
සමාජසේවා ලැබීමේ අයිතිය.

26.
සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇත.

27.
සංස්කෘතියට හා කලාවට අයිතිය ඇත.

28.
මුළු ලොව වටාම නිදහසට අයිතිය ඇත.

29.
සාධාරණ නීතියට භාජන වීමේ අයිතිය.

30.
මානව හිමිකම් ඉවත් කර ගත නොහැකියි.

ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද මුලික මානව හිමිකම් ලබා දී ඇත. එහි සදහන් වන්නේ සෑම පුද්ගලයෙකුටම සිතීමේ නිදහස ද ආගම් ඇදහීමේ නිදහසද තමාට කැමති ආගමක් තෝරාගැනීමේ නිදහසද ඇති බවය. තවද සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ එක සමාන බවද, එහි සඳහන් වේ.

ලංකාවේ රජයට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ඇත. ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම, පුද්ගලයින් පැහැර ගැනීම් සහ ඔවුන් ඝාතනය කිරීම, මර්ධනකාරී නීති යොදා පුද්ගලයින් සිරගත කිරීම, නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක නොකිරීමද මේ අතර වේ.

රන්ජන් ප්‍රනාන්දු

Post a Comment

أحدث أقدم