ටිකක් විතර බරපතල මිසොජිනිස්ටික් (MISOGYNISTIC) කතාවක්

 

ටිකක් විතර බරපතල මිසොජිනිස්ටික් 

(MISOGYNISTIC) කතාවක්



අද ලංකාවෙ ජීවත්වෙන හා ලංකාවෙන් මයිග්‍රේට් කරල පිට රට ගිහින් ජීවත් වෙන ගැහැණුන්ගෙන් සෑහෙන පිරිසක් නූතන සිස්ටම් එකේ පිලිගත් රැකියාවල් කරල, තනතුරු දරල, ස්වාධීන පුද්ගලයන් විදිහට සමාජයේ ගරුත්වය ලබමින්, දේපල අයිතිය, තීරණ ගැනීමේ අයිතිය ආදී සියලු නූතන මිනිසෙකුට හිමි වරප්‍රසාද ලබමින් ජීවත් වෙනවා.

මීට අවුරුදු වැඩිය නෙමෙයි සියගානකට කලින් බොහෝ සංස්කෘතීන් වල ගැහැණුන් සැලකුනේ ඒ සමාජයේ කවර හෝ පුරුෂයෙකුග පෞද්ගලික දේපලක් ලෙස (කුඩා කාලයේ පියාගෙ, වැඩිහිටියෙක් නම් කසාද පුරුෂයාගෙ. "සැමියා" කියන්නෙත් "ස්වාමියා" (master/slave owner) කියන එකෙන් බිඳිච්ච පදයක්)

මේ නූතන ගැහැණුන් අත් විඳින සමාජ තත්වය අද තියෙන සම්මුතීන් කරා ලඟා උනේ පහුගිය වසර සීයක් හමාරක් ඇතුලත වර්ධනය වෙමින් ආපු නූතන හර පද්ධතිය එක්ක. මේ නූතන හර පද්ධතිය මෙතැනට ආවෙ ලෝකඩ යුගයේ ආයතනයගත ආගම් වල අධිකාරිය විසින් මේ ප්‍රගමනය නතර කරල මධ්‍යතන යුගයේ ආකල්ප තුල සමාජය හිරකරල තියාගන්න කරපු දරුනු වෑයම එක්ක නිරන්තර සටනක යෙදෙමින්.

මේ ආපසු අදින ආගමික පද්ධතීන් හා එහි පූජක බලකාය සමාජ ප්‍රගමනයට එදිරිව නිරන්තර සටනක යෙදෙනවා. එදත් එහෙමයි අදත් එහෙමයි. හැබැයි මේ සටනින් ඔවුන් නිරන්තරව පරාජය වෙනවා. එහෙම උනාට පස්සෙ අලුතින් ස්ථාපිත වෙන අලුත් හරයන් හා ආකල්ප ඔවුන් තමුන්ගෙ ඉගැන්වීම් තුලට ක්‍රමයෙන් අවශෝෂනය කරගන්නවා. (ආගමික සංස්ථා කියන්නෙ සදාචාරයේ නිෂ්පාදකයා නොව අසුරා බෙදාහරින්නා බව නැවතත් මතක් කරන්න කැමතියි.)

මේ නූතනත්වය ස්ථාපිත කිරීමට බොහෝවිට මූලිකත්වය ගන්න පිරිස තුල සංක්‍යාත්මකව ගැහැණුන් අඩුයි. ගැහැණුන් බහුතරය බොහෝවිට ඉන්නෙ තමුන්ට කුඩා කල හුරුකල ගතානුගතිකත්වය තුල මුලුගැන්විලා. (නූතන සමාජයෙ ගැහැණුන් අත්විඳින වරප්‍රසාද ගැහැණුන් තනිවම සටන් කර ලබාගත් දේ බව සිතන අන්තගාමි ස්ත්‍රීවාදින් ද ඉන්නෙ අතලොස්සක්)

ඔය නූතනත්වය තුල වරප්‍රසාද විඳින ගැහැණුන්ගේද බහුතරය ඉන්නෙ කොහෙද කියල බැලුවොත් පෙනෙයි ඔවුන් තමුන්ගේ නිවාඩු කාලය ගතකරන්නෙ කොහෙ හෝ පන්සලක, පල්ලියක පැරනි ලෝකඩ හරයන් පොලිෂ් කරමින් අතීතකාමි පූජකයන් වන්දනාකරමින් බව.

රිටිගල ජයසේන
ෆේස්බුක් සටහනක උපුටාගැනීමක්





Post a Comment

Previous Post Next Post