දුරේක්ෂ - නොබෝදා කක්ෂගත කරන ලද JAMES WEBB SPACE TELESCOPE ය අපට වැදගත් වන්නේ ඇයි?
ව්‍යවහාරික මට්ටමේ පළමු දුරේක්ෂය ලෙස
පිලිගැනෙන්නේ ගැලිලියෝ ගැලිලි විසින් වැඩි දියුණු කල පළමු සරල දුරේක්ෂයයි. එය 1611 දී පමණ එලිදක්වන
ලද්දේ යැයි සැලකේ. එම දුරේක්ෂය ථමික මට්ටමේ එකක් වන අතර දුර ඇති වස්තුවක ප්‍රමාණය
පියවි ඇසට විශාලනය කිරීමක් පමණක් ඉන් ඉටුකරන ලදි. එය සමන්විත වූයේ වස්තුවට යොමු කල
කාචයකින් හා ඇස යොමු කල කාචයකින් ය. මෙය වර්ථක දුරේක්ෂයකි. එනම් අපට පියවි ඇසට
පෙනෙන ආලෝක කිරණ, කාච වලින් වර්ථනය කොට, විශාලනය කොට පෙන්වන එකකි. ආලෝක කිරණ
දර්පණ මගින් පරාවර්තනය කොට වස්තුව විශාලනය කරන පරාවර්තක දුරේක්ෂ තැනීම ආරම්භ වූයේ 1668 දී පමණ අයිසැක්
නිව්ටන් අතිනි.
ඉන්පසු පරාවලයික හැඩැති කාච හෝ දර්පණ කිහිපයක් යොදා
ගනිමින් තැනූ සංයුක්ත දුරේක්ෂ තැනීම ආරම්භ විය. මේ අනුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රබලතාව
වැඩි දුරේක්ෂ බිහි විය. මීට අවුරුදු 50 කට කලින් හවායිහි හා චිලියේ කාන්තාර ප්‍රදේශවල
ස්ථාපිත, මීටර් 4 - 5 ප්‍රමාණයේ
විශ්කම්භය ඇති වීදුරු කාච සහිත හා පරිගණක ගත කල හැකි දුරේක්ෂ පද්ධති බිහි විය.
මෙකී මෙවලම්, අපේ පියවි
ඇසට පෙනෙන ආලෝක කිරණ හෙවත් ප්‍රකාශ ආලෝකය තුලින් ඈත වස්තු නිරීක්ෂණය කිරීම යන
සීමාව ඉක්මවා නොගිය දුරේක්ෂ වෙයි. අපේ පියවි ඇසට නොපෙනෙන X කිරණ , රේඩියෝ කිරණ, පාරජම්බුල කිරණ, අධෝරක්ත කිරණ, ගැමා කිරණ ආදී, විද්‍යුත් චුම්බක
වර්ණාවලියේ සෙසු කිරණ තුලින් ද, මේ ඈතින් පිහිටා ඇති වස්තූන්, පද්ධතීන් හා විවිධ අභ්‍යවකාශ සංසිද්ධි වල
තොරතුරු ග්‍රහනය කරගන්න පුළුවන් දුරේක්ෂ තැනීම ඉන්පසු ආරම්භ වුනා.
දුරේක්ෂ වලින් ඉටුකර ගන්න කාර්‍යයන් වඩාත් දියුණු
අවදියකට එලැඹුනේ, පෘථිවියේ වායු ගෝලයෙන් එපිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් (Orbital Space Station) කක්ෂගත
කොට එහි දුරේක්ෂ ස්ථාපිත කිරීමත් සමගයි. එවිට පෘථිවි වායු ගෝලයේ තිබෙන වායු අංශු, දූවිලි අංශු, ජලවාෂ්ප ආදියෙන්
සිදු වන බාධාවන් මගහැර යාමේ හැකියාව ලැබෙනවා. එවිට ලබා ගන්නා images වල
පැහැදිලි තාවය වැඩියි. එලෙස මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය අමෙරිකාව හා එවකට සෝවියට්
දේශය මූලික වශයෙන් එක්ව ගොඩනංවන ලදි. ඉන් අනතුරුව මෑතකදී James Webb space station එක ඉදිකරන ලදි.
තාරක
වරාපිටිය

Post a Comment