ගෙම්බා, ගොනුස්සා සහ හිවලා
සීයා පාක්
එකේ ඇවිද ඇවිද ඉන්නකොට එයාගේ යාලූ ළමයි තුන්දෙනාත් ඇවිත් හිටියා. සීයා සිරිත්
පරිදි සින්දුවක් මුමුණ මුමුණ හිටියේ. නමුත් ළමයි තුන්දෙනාගේ මුණුවල සතුටු පාටක්
තිබුණේ නෑ. තුන් දෙනාම බර කල්පනාවක වගේ.
"ඇයි පුතේ
ප‍්‍රශ්නයක්ද?" සීයා ඇහුවා. "ප‍්‍රශ්නයක් විතරක් නම් බැරිය", සුරනී කිව්වා, "කචල්
එකක්නේ". "ඒ කිව්වේ?", සීයා නැවත ඇහුවා. එතකොට හසීනා කියාගෙන ගියා, "අපේ
ඔක්කෝම ගෙවල් වල ලොකු ඇත්තෝ වාදෙක පැටලිලා. කියන දේවල් අමාරුයි තේරුම් ගන්න".
"මොනවගේ
දේවල්ද ?" සීයා
ඇහුවා.
"කට්ටියක්
කියනවා ව්‍යවස්ථා විරෝධිලූ" හසීනා උත්තර දුන්නා "අනිත් අය කියනවා ව්‍යවස්ථාවට
එකඟලූ" සුරනී කිව්වා, "කුමන්ත‍්‍රනයක්ලූ". මෙතෙක් නිහඬව හිටපු රාජා කිව්වා
"පාවාදීමක්ලූ, විශ්වාසය කැඩුවලූ. ඉතින් මම කිව්වා අපි සීයාගෙනන් අහමු කියලා
මේකේ අග මුල තේරුම් කරල දෙන්නන කියලා".
ඔලූවට අත තියාගත්ත සීයා කිව්වා, "මදැයි, ඒකයි මේ මුණු නරක්
වෙලා තියෙන්නේ. මම අද ලෑස්තිවෙලා ආවේ ඔයගොල්ලොන්ට සත්තුන්ගේ කතාන්දරයයක්
කියන්න".
"ආ, සීයාගේ සත්තු
කතාන්දර හරි ෂෝක්", මැලවිච්ච මුණුවලට ලේ ටිකක් ඉනුවා. "එහෙනම් මුලින්ම
කතාන්දරය කියන්නම්කෝ. ඊට පස්සේ බැරියැයි අපේ ගෙවල් වල වෙන අංජ බෙඡ් තේරුම් කරලා
දෙන්න."
ගහ යට සුපුරුදු දර කොටේ වාඩි වේලා සීයා කතාන්දරේ
පටන් ගත්තා.
"ඔන්න දුවේ
පුතේ එක කාලෙක වතුරෙන් වටවුණු ලස්සන ඟංගා, දිය ඇලි ගහ කොළ වලින් පිරුණු පොඩි දුපතක්
තිබුණා. ඉදලා හිටලා කොහෙත් වගේ ඒ දුපතෙත් කැලැව ගිනි ගන්නවා. ඔන්න එක දවසක් හිතපු
නැති විශාල ගින්නක් ඇති වුණා. ගිනි දැල් ගහකොළ වෙලාගෙන හතර අතින් පැතිරෙනවා. දැන්
මේ දුපතේ හිටපු කුරුල්ලෝ පියාසර කරලා යන්න ගියා. ගෝන්නු, මුවෝ උනුත්, පීනගෙන දුපතේ එහා
පැත්තෙන් තිබුණු භුමියට යන්න ගියා. හැබැයි සත්තු දෙන්නෙක් විතරක් ඉතුරු වුණා.
"ඒ කවුද
සීයේ ?" සුරනී
ඇහුවා.
"එක්කෙනෙක්
වයස්ගත තරබාරු ගෙම්බෙක්. පොඩි කම්මැළිකමකුත් තියෙනවා. ඌ හිතුවා, ප‍්‍රශ්නයක් නැනේ, මම ඔයවගේ ලැව්
ගිනි දැකලා තියෙනවානේ. අනික මම ඉන්නේ මේ දුපතේ අද්දරට වෙලානේ, ගින්දර ලඟට ආවොත්
මට තියෙන්නේ පිනලා යන්නනේ".
"අනිත් සතා
කවුද සීයේ ?" හසීනා ඇහුවා.
ඌ ගොනුස්සෙක්. ගෙම්බට වඩා තරුණයි. ඌත් ගෙම්බා ඉන්න
තැන ලී කොටයක් යට ඉන්නවා. ගොනුස්සට වැඩි විචාරයක් නැති උනාට හොඳ ප්ලැන්කාරයා. ඌ
මෙහෙම හිතනවා, "ලැව් ගින්න ලඟටම ආවොත් අපේ වයසක ගෙඹි හාමු ඉන්නවනේ. මට උගේ පිට
උඩ නැගලා ගොඩ වෙන්න පුළුවන්නේ".
දැන් ගින්න දුපත අද්දරටම ඇවිල්ලා. ඒ නිසා ගෙම්බා
වතුරට පනින්න ලැස්ති වෙනවා. එතකොට ගොනුස්සා කියනවා, " ගෙඹි හාමුනේ, මමත් මෙතන අසරණ
වෙලානේ. නරකද මාවත් ඔයාගේ කර උඩ තියාගෙන පීනුවොත්." එතකොට ගෙම්බා කියනවා, " මම
දන්නවානේ උඹේ හැටි. උඹ ලස්සනට ඉස්සරහා අත්දෙකින් කාවත් බදාගන්නවා. ඊට පස්සේනේ උඹේ
විසකුරු වලිගය කරකවලා දෂ්ඨ කරන්නේ." එතකොට ගොනුස්සා කියනවා, "ගෙඹි
හාමුනේ ඉවසලා පොඞ්ඩක් මේක අහගන්නකෝ. මගේ දැන උගත්කමේ, සංවරයේ අඩු පාඩු
කම් තියනවා ඇති. ඒත් මේ වෙලාවේ මගේ ජිවිතය ආරක්‍ෂා කරන්න ඉන්නේ ඔබතුමා විතරයි.
ඔබතුමා පිහිට නොවුනොත් මම මේ ගින්නෙන් නැසෙනවා. ඉතින් පිහිට වෙන්න ඉන්න ඔබතුමාට මම
එවැනි අවැඩක් කරයිද? ඔබතුමාම හිතන්නකෝ."
ගෙම්බා
කල්පනා කරනවා "ඒ තර්කය මට කඩන්න බැහැනේ, කතාව ඇත්තනේ." එහෙම හිතලා ගෙම්බා
ගොනුස්සට කියනවා, "එහෙනම් මගේ කරට ගොඩ වෙයන්නකෝ." දැන් මෙතන පුතේ දුවේ
ඉස්සේලා පිනලා ගිය තවත් සතෙක් ඉන්නවා. ඒ තමා හිවලා. කැලේ රජා සිංහයා කිව්වට ඇත්ත
මොලකාරයා තමයි හිවලා. ඉතින් අපේ හිවල් හාමු දැන් බලාගෙන ඉන්නවා මේ රඟපෑම. ඌට ඕනා
මේ දෙන්නම මකබෑවෙන්න. දැන් බලමුකෝ උගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙයිද කියලා.
ඔන්න
ගොනුස්සා අත් දෙකෙන් ගෙම්බාගේ බෙල්ල බදා ගන්නවා. ගෙම්බා වතුරට බැහැලා පිහිනන්න
පටන් ගන්නවා දෙන්නාගේම ජිවිතය බේර ගන්න. දැන් ජිවිතය බේරගන්න යන අතරමඟ එකපාරටම
ගොනුස්සා උගේ වලිගේ උස්සලා ගෙම්බගේ ඔළුවට දෂ්ඨ කරනවා. ගෙම්බා එක පාරටම අහනවා
"මොකක්ද බං උඹ ඒ කරපු අසමත්ජාති වැඬේ?""මොකක්ද මම කළේ ගෙඹි හාමුනේ"
ගොනුස්සා ඇහුවා. "ඇයි යකෝ උඹ මගේ ඔළුවට දෂ්ඨ කළේ?" "මම දෂ්ඨ
කළා?" ගොනුස්සා
පුදුමයෙන් වගේ ඇහුවා. "නැත්නම්, ඒකනේ මම මුලින්ම උඹව අරන් යන්න අකමැති
වුනේ." "ඉතින් ගෙඹි හාමුනේ ඒක මට සහජයෙන් එන පුරුද්දනේ." "උඹේ
මගුල් පුරුද්ද හින්දා දැන් අපි දෙන්නම මැරෙනවා." එකෙන් මේකෙන් සිද්ධවුනේ, අපේ හිවල් හාමුගේ
බලාපොරොත්තුව ඉෂ්ඨ වීමයි! හැබැයි කපටි වැඩ වලින් හැමදාම ජය ගන්න පුළුවන්ද කියලා
ඉස්සරහට බලමුකෝ."
"ඔන්න ඔකයි
දරුවෝ මට කියන්න ඕන වුණු සත්ව කතාව." එදා පළවෙනි සැරේට දරුවෝ තුන් දෙනාම හිනා
වුණා.
"අපිට
තේරුණා සීයේ", හසීනා කිව්වා. දැන් සීයා අපි අහන්න ගිය ප‍්‍රශ්නවලටත් උත්තර
දීලා තියෙන්නේ. අපිට දැන් තේරෙනවා, රටේ ලෝකේ වෙන දේවල්. සීයාට බොහාම
ස්තුතීයි."
ආර්. ප්‍රනාන්දු

Post a Comment