ඩාවින්ට ඇදුන ස්වීප් ටිකට් එක
ඩාවින්
පරිණාමවාදය (ස්වාභාවික වරණ වාදය) ඉදිරිපත් කරද්දි මම දන්න හැටියට මේවා එකක්වත්
දැනන් හිටියේ නෑ. (correct me if
I am wrong)
1. මහාද්වීප
ප්ලාවිතය (කොන්ටිනටල් ඩ්‍රිෆ්ට් ඩියු ටු ප්ලේට් ටෙක්නොක්ක්ස්)
2. දැනට අපි
දන්නා ෆොසිල් රෙකෝඩ් එක.
3. ප්‍රවේණිය
පිලිබඳ මෙන්ඩෙල්ගෙ (Gregor Mendel)
තියරි
4. DNA
ඔය එකක් වත් නොදැන කරපු හයිපොතිසිස් එක පසුවට ආපු ඔය
ප්‍රබල වෙනත් තියරි එක්ක 100% හරියටම පෑහුනා. මේක අර අයින්ස්ටයින් ග්‍රැවිටේෂනල් ලෙන්සින්
වෙන්න පුලුවන් බව කියල, පසුව ඒක පූර්ණ සූරයග්‍රහන අවස්ථාවක 'හරිනම්' ඉරට පිටිපස්සෙ
තියෙන තරු ඉර ගැට්ටේ පේන්න තිබීම වගේ දේකින් තහවුරු වීම වගේ (හෝ ඊටත් වඩා) සිරා
සිද්දියක්.
ඊලඟට ඔය ඩාවින් හෝ අයින්ස්ටයින් ආදි හැමෝම ගැන
කතාකරනකොට අපි තව දෙයක් ඔලුවට දාගන්න ඔනෑ. ඔය හැමෝම මහා ප්‍රාඥයන් බවට විවාදයක්
නෑ. හැබැයි අමතක කරන්න හොඳ නැති කාරනාව තමයි මේ හැමොම යම් ස්වීප් ටිකට් එක දිනුව
බව. මේ කවුරුවත් වැකූම් එකක වැඩකල අය නෙමෙයි. ජීවයෙ විකාශනය ගැන නොයෙකුත් දෙනා
නොයෙකුත් තියරි ඉදිරිපත්කලා සමහර ඒවා සෑහෙන වැදගත් (ලැමාක්ගෙ තියරි එක වගේ ඒවා).
එහෙම නොයෙක් ජාතියෙ 'ස්වීප් ටිකට්' ගොඩක් අතුරින් ඩාවින් ඉදිරිපත් කල එක කාලයෙ ටෙස්ට් එකෙන් පාස්
උනා.
අපි දැන් ලැමාර්ක්ට එච්චර තැනක් නොදෙන්නෙයි, වෙන වෙන තියරි
ඉදිරිපත් කරපු අය ගැන අහලවත් නැත්තෙයි ඒ අයට ඔය ස්වීප් ටිකට් එක නොඇදුන නිසා. ඒ
අපි අහලවත් නැති සමහරු ඩාවින්ටත් වඩා මහා ප්‍රාඥයන් වෙන්න පුලුවන්.
රිටිගල
ජයසේන
ෆේස්බුක් සටහනක උපුටාගැනීමක්

إرسال تعليق