සිංහල දෙමළ 'වර්ග' නොව ජාතින්
පුනරුද ව්‍යාපාරයේ
නිර්මාතෘ වික්ටර් අයිවන් මහතා සෑම සතියේම ‘රාවය’ට ලියන ලිපි මුල සිටම මම අධ්‍යනය
කලෙමි. දිගු කලක් තිස්සේ ඔහු විසින් ඉදිරිපත් කළ අදහස් ඒවායේ ගැබ් වී ඇත. සමහර දෑ
නැවුම් අදහස්ද ආන්දෝලනාත්මක හා විවේචනාත්මක අදහස්ද වීම ගැන මම සතුටු වෙමි. සමහර
අදහස්, උදාහරණයක් ලෙස, කෘෂිකර්මය, රසායනික පොහොර, වකුගඩු රෝග වැනි දෑ ගැන
මා මෙන්ම ඔහුද ගැඹුරු අධ්‍යනයක නොයෙදී ඇති බව මගේ හැඟීමයි. මෑතකදී ජාතික රූපවාහනි
යේ ප‍්‍රකාශය වූ ‘යථාරූප’ වැඩසටහනක කෘෂිකර්මය ගැන එහි සිටි විද්වත් මණ්ඩලයෙන් මම
බොහෝ දේ ඉගෙන ගතිමි. එයට ප‍්‍රතිපක්‍ෂව, ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) පිළිබඳව වික්ටර් අර්ථවත්, අගනා විග‍්‍රහයක් කර ඇත.
නමුත් යම් මුලික කරුණක් ගැන කෙටි විස්තරයක් කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු
වෙමි. එනම් පුනරුද ව්‍යාපාරයේ මුල සිටම වික්ටර් ‘ජාතින්’ යන වචනයට විරුද්ධ වීමයි.
ඒ වෙනුවට ඔහු භාවිතා කරන්නේ වර්ග යන වචනයයි. නමුත් ‘වර්ග’ ගැන කිසියම් හෝ
විස්තරයක් ඔහුගේ ලිපි වල මම කියවා නැත.
වර්ග යනු කිම?
අපි‍්‍රකාවේ වානර කොට්ඨාසයකින් පරිණාමය වී හොමෝසැපියන්
ලෙස හැඳින්වු මිනිසා බිහි වුයේ අවුරුදු 150,000කට පමණ
පෙරය. ඒ ක‍්‍රියාවලිය ජීව පරිණාමය ලෙස හැඳින්වේ. එයින් පවුල් සුළු ප‍්‍රමාණයක්
(සමහර විද්‍යාඥයින්ට අනුව පවුල් 200ක් පමණ) අප‍්‍රිකාවෙන් සංක‍්‍රමණය වී නා
නා ප‍්‍රදේශ වල පදිංචි විය. එතැනිනුත් මිදුණු යම් කොට්ඨාසයක් තවත් ඇතට ගොස් ජනාවාස
පිහිටුවා ගත්තෝය. මේ ක‍්‍රියාවලියට යොදන්නේ සමාජ පරිණාමය යන වචනයයි. නමුත් මේ
තුළත් ජීව පරිණාම ක‍්‍රියාවලිය වෙනස් වන්නේ නැත. ඒ ඒ තැන් වල පදිංචි වු අය
ස්වභාවධර්මයේ හේතු නිසා ඔවුන්ගේ හැඩරුව වෙනස් විය. ඒ වෙනස් වු හැඩරුව අනුව මනුෂ්‍යයින්
වර්ග හතරකට බේදා වෙන්කර ඇත. ඒවා නම්,
1.
කොකොසොයිඞ් - Caucasoid
2.
මොන්ගෝලොයිඞ් - Mongoloid
3.
නිග්‍රොයිඞ් - Negroid
4.
වැඩොයිඞ් - Veddoid
ලොව වැඩි දෙනා කොකොසොයිඞ් වන අතර යුරෝපයේ සහ අසියාවේ වැඩි
දෙනාද මේ වර්ගයට ඇතුලත්ය. චිනය, ජපානය, කොරියාව වැනි රටවල් වල අය මොන්ගොලොයිඞ් වර්ගයට අයත්වේ. අප‍්‍රිකානුවන්
නිග්‍රොයිඞ්වරු වන අතර ලංකාවේ වැදි ජනයා සහ ඕස්ටේ‍්‍රලියාවේ ඇබොරිජින්වරු වැනි අය
වැඩොයිඞ් වර්ගයට අයත්ය. මේ අනුව වික්ටර් අයිවන් මහතා, ප‍්‍රභාකරන්,
ෙඡ්සුස් සහ මහම්මත් කොකොසොයිඞ් වර්ගයටත්, බුදුන්
වහන්සේ, දළයි ලාමා, මාවෝ
සේතුං, මොන්ගොලොයිඞ් වර්ගයටත්, නෙල්සන් මැන්ඬේලා, ඔබාමා
නිග්‍රොයිඞ් වර්ගයටත්, ඌරුවරිගේ
වන්නිල ඇත්තෝ, වැඩොයිඞ්
වර්ගයටත් අයත් වේ. මේ සතර වර්ගයේම මිශන‍්‍රයන්ද එමට ඇත.
වෛද්‍ය විද්‍යාව අනුව තවත් ආකාරයකට මනුෂ්‍යයින් සතර
වර්ගයකට බෙදා වෙන්කර ඇත. ඒ ඔවුන්ගේ ලේ (Blood Group) අනුවයි. ඒවානම් A, AB, B, O. ඉහත කී වර්ග හතරේම මේ ලේ වර්ග හතරට අයත්වන්නන් ඇත.
රටවල් සහ ජාතීන්
මෙසේ සංක‍්‍රමණය වී තැන් තැන් වල පදිංචි වු ජන සමුහයන්
දිගු කාලයක් යැමෙන් පසු ඔවුන්ටම ආවේණික වු භූමි ප‍්‍රදේශයක්ද, ආර්ථිකයක්ද, සංස්කෘතියක්ද
නිර්මාණය කරගත්හ. එසේ අත්පත් කරගත් භූමි ප‍්‍රදේශයන් පසු කාලීනව රටවල් ලෙස ස්ථාපීත
වු අතර එහි වාසය කරන ජන සමුහයන් ඔවුන්ගේ අනන්‍යතාවය හේතුවෙන් ජාතීන් බවට
පත්විය. ජීව පරිණාමය මෙන්ම මේ සමාජ පරිණාමයද නොකඩවා පැවැතේව්. සමාජ විද්‍යාවේදී ජාතීන් ‘වර්ග’ ලෙස හදුන්වන්නේ නැත.
ඒ අනුව, විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, මේ රටවල් තුළ හිරවී සිටි ජාතීන් තම විමුක්තිය සඳහා සටන්
කොට ඒ රටවල් තුලම බලය බෙදීමේ ක‍්‍රම වේදයෙන් එකට සිටීමට හෝ ඒඅයිතිය තහවුරු නොවනු
තැන්හි වෙනම රටවල් බිහි කිරීමට උත්සුක වුහ. දැන් ලෝකයේ පිළිගත් රටවල් දෙසීයක් පමණ
ඇතිවුයේ මේ අනුවයි.
ලෝක යුද්ධ දෙකකින් පසුව මේ ජාතීන් ශීලාචාරකම රැුකගැනීම
සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (එක්සත් වර්ගයින් නොවේ) පිහිටුවා ගත්හ. මානව
හිමිකම්, ස්තී‍්‍රන්, දරුවන්, පරිසරය සහ නොයෙකුත් කාරණා ගැන ප‍්‍රඥප්තීන් ඇති කරගත්තේ
මේ සඳහායි. එය දැනට මෙලොව සිටින මනුෂ්‍යයින්ට ඇති උත්තරීතර ආයතනයයි.
ලංකාවේ තත්වය
වැදි ජනතාව හැරුණුවිට ලංකාවේ ඇත්තේ ජාතීන් දෙකකි. එනම් සිංහල සහ දෙමළ ජාතීන්ය.
(ඒ ජාතීන් දෙකම අයත් වන්නේ කොකොසොයිඞ් වර්ගයටය.) ඒ අනුව ඒ දෙජාතියටම අනන්‍ය වු
භූමි ප‍්‍රදේශයක්ද සංස්කෘතියක්ද නිෂ්පාදන ක‍්‍රමයක්ද සතුය. ඔවුන් දෙපිරිස යම් බල
බේදීමක් තුළ එකට සිටිය යුතුද? නැතන්ම්
වෙන්වී සිටිය යුතුද? යන කරුණ
තීරණය කිරීමට ඒ දෙකොටසටම අයිතියක් ඇත. (මුස්ලිම්, කතෝලික, බර්ගර්
වැනි අය ජාතින් නොව මේ මුලික ජාතින් දෙක තුළ වෙසෙන ජන කොටස්ය.)
ලංකාවේ අවුරුදු 30ක් තුළ
පැවැතුනේ ජාතීන් දෙක අතර යුද්ධයකි. එය අවසන් වුයේ ජන සංහාරයකිනි. එ් සම්බන්ධව
එක්සත් ජාතීන්ගේ සංවිධානයට උත්තර බැඳීමට සිංහල රජයට සිදුවී තිබේ. ඒ යුද්ධයත්, ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ කැරැලි දෙකක් අතර ඇත්තේ
ගුණාත්මක වෙනසකි. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වුයේ රජ බලය අල්ලා ගැනීමයි. දෙමළ
ජාතික නිදහස් සටනේ අරමුණ ඒ රජයෙන් විමුක්ත විමයි. 1976 වඩුක්කොඞී ප‍්‍රකාශනයේ සිටම ඔවුන් ඉන්නේ ඒ ස්ථාවරයේයි.
එ් සටනේ මුල් වකවානුවේ ඔවුන් හර්තාල්, සත්‍යාග‍්‍රහ
වැනි අවිහිංසාවාදී ගාන්ධි ක‍්‍රමවේදයක් අනුගමනය කළහ.
සන්නද්ධ අරගලයකට යොමුවුයේ ඒ ක්‍රමවේදයෙන් ලැබු අමිහිරි
අත්දැකීම් හේතුවෙනි. ඒ සටන් දෙකම එකට ගොනු කිරීම ප‍්‍රලාපයකි. ඔවුන් මාක්ස් වාදීන්
කීම තවත් ප‍්‍රලාපයකි. ජාතික විමුක්ති සටනක් වු හෙයින් ඒ තුළ මාක්ස් වාදීන් මෙන්ම
මාක්ස් විරෝධීන්ද හින්දු, ක‍්‍රිස්තියානි
ආගමිකයින් මෙන්ම නිර්ආගමිකයින්ද සියළු පංති සහ කුල වලට අයත් තරුණයින් සහ මහල්ලන්ද
විය. වික්ටර් අයිවන් මහතාගේ මෙවැනි අර්ථකථනයන් හේතුවෙන් සිදුවන්නේ එම ජාතිවාදී
ම්ලේච්ඡ යුද්ධයට එරෙහිව ජීවිතය පරදුවට තබා ක‍්‍රියාකළ ඔහුගේ නිර්භීත ලේඛක
සහෝදරයින්ටත් පුනරුද ව්‍යාපාරයේ සිටින යුධ විරෝධින්ටත් කරන අවමානයකි. රාජ්‍ය
මර්ධනයට මුහුණදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින නා නා සිංහල
සංවිධාන අද මෙන් එදත් විය.
ඒ යුද්ධයේදී බර අවි වලින් පහර දෙන්න යැයි ජනතා විමුක්ති
පෙරමුණ අනුබල කලේ ඔවුන් ආරම්භයේ සිටම ජාතිවාදීන් වු බැවිනි. වික්ටර් අයිවන් මහතාද
යුධ විරොධි ස්ථාවරයක නොසිට සිංහල ධනපති රජයට සහයෝගය දැක්විය. එය මා බලාපොරොත්තු
නොවු දෙයකි. අදටත් පුනරුද ව්‍යාපාරය ඉන්නේ යුධ විරෝධි අවිහිංසාවාදී ප‍්‍රතිපත්තියක
යැයි කොහෙවත් සඳහන් වී නැත. එමගින් දෙමළ විරෝධි ජාතිවාදීන්ට එය තෝතැන්නක් විය හැක.
දැනටමත් එය සිදු වී ඇතැයි මට හැගේ.
මේ යථාර්ථයන් පිළිනොගන්නා කිසිම සමාජ ක‍්‍රියාවලියකට
ඓතිහාසික හෝ සදාචාරාත්මක පිළිගැනීමක් ඇති නොවේ යැයි මගේ අදහසයි. පුනරුදය ව්‍යාපාරය
තුළ මේ මුළික කරුණු විග‍්‍රහ කරගැනීම වැදගත්ය.
ආර්. ප්‍රනාන්දු

إرسال تعليق